23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅනුර හා සජිත්ගේ ප්‍රතිපත්තියේ තියෙන්නෙ ලස්සන වචන විතරයි

අනුර හා සජිත්ගේ ප්‍රතිපත්තියේ තියෙන්නෙ ලස්සන වචන විතරයි

අනුර හා සජිත් රටේ ආර්ථික අර්බුදය හමුවේ පැන ගිය බවත් ඔවුන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ලස්සන වචන හැරෙන්නට කිසිදු නැවුම් වැඩපිළිවෙළක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (27) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැතිවරණය ඉලක්ක කරගෙන සජිත් සහ අනුර ප්‍රකාශ කරන ප්‍රතිලාභ සහ රජය විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිදුකරන ප්‍රකාශ අතර විශාල වෙනසක් පවතින බවත් රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු සලන සජිත් හා අනුර රටේ ආර්ථික අර්බුදය හමුවේ පැන ගිය බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

බහු පාර්ශ්විකව ලබාගත් ණය කිසිදු හිඟයකින් තොරව සියලු ගෙවීම් මේ වන විට සිදුකළ අවසන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ද්වීපාර්ශ්වික ණය පමණක් ගෙවීම අත්හිටුවා ඇති බවයි.