26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපි ලංකාව ලෝකේ දියුණුම රාජ්‍යය කරනවා - අනුර

අපි ලංකාව ලෝකේ දියුණුම රාජ්‍යය කරනවා – අනුර

ලංකාව ලෝකයේ දියුණුතම රාජ්‍ය කරන වැඩපිළිවෙළ ජාතික ජන බලවීගය සාදා අවසන් බවත් ජනතාවගේ සහ පාලකයාගේ අරමුණ එකක් වෙන ආණ්ඩුවක් සැප්තැම්බර් 21 සෑදීමට නම් සැවොම එක්විය යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කිරීම සඳහා මාලඹේ නගරයේ පැවති ජන රැළිය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ප්‍රථම වතාවට ජනතාව මැතිවරණයක් ඉල්ලා ඇති බවත් විශාල ජනකායක් අද වනවිට මාලිමාව පැත්තට හැරී ඇති බවත් අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියා.

ජාතික ජන බලවේගය එක්ව ගොඩනගන්නේ ජනතාවගේ ආණ්ඩුවක් බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ තමා ප්‍රමුඛ ආණ්ඩුවක් යටතේ ජනතාවගේ විශ්වාසය බිඳක් හෝ කඩ නොකරන බවයි.

එමෙන්ම මේ රට පොහොසත් රටක් කිරීමට අපි සැවොටම උවමනාවක් ඇති බවත් අනිත් අය සමඟ කටයුතු කළ හැකි පොහොසත් රාජ්‍යයක් මෙවර ජනාධිපතිවරණයේදී ගොඩ නගන බවත් ඔහු සඳහන් කළා.