23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවම ගුරු වැටුප රු. 55,000ක් කරනවා - සුසිල්

අවම ගුරු වැටුප රු. 55,000ක් කරනවා – සුසිල්

2025 ජනවාරි මස සිට ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ගුරුවරයකුගේ අවම වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ දමන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අපි අවුරුදු දෙකයි මාස තුනක් රට ගොඩගන්න වැඩ කරන අතරේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන අය දේශපාලනය කළ බවයි.

“මැතිවරණයක් තියෙද්දී පවා අපි රාජකාරිය කරනවා. තුන්වෙනි වාරෙ පාසල් ඊයේ පටන් ගත්තා. මේ අවුරුද්දේ විභාග මේ අවුරුද්දෙම තියෙනවා. අපි වැඩ කළා අනික් අය විවේචනය කළා. ඒ විවේචනය කරපු අය අපේ ප්‍රතිපත්තිය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය කරගෙන දැන්
ඔය ප්‍රතිපත්ති පිටු ගණන් කොළ ගණන් ලිව්වට ඕව මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑ.

පාසල් පෙළ පොත් මුද්‍රණය කරන්න කොළ හොයාගත්තේ අමාරුවෙන්. නිල ඇඳුම් දෙන්න බැරුව චීනයට කතා කරලයි ගත්තේ. ජනවාරි ඉඳන් වැටුප විෂමතා ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගුරුවරයෙකුගේ අවම වැටුප රුපියල් 55000ක් වෙනවා. මේ හදපු තත්වය නැති කළොත් හිටියටත් වඩා පහළට යනවා.”