― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආබාධ සහිත අයට ඡන්දපොළේදී විශේෂ වරප්‍රසාදයක්

ආබාධ සහිත අයට ඡන්දපොළේදී විශේෂ වරප්‍රසාදයක්

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින්ට ඡන්ද පත්‍රිකා සලකුණු කර ගැනීම සඳහා ඡන්ද පොළට සහායකයෙකු කැටුව යා හැකිවන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ එලෙස කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති අයෙකු විය යුතු බවයි.

ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අනිවාර්ය වනවා.

එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.