28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනා ගමගේට ඇප

ඩයනා ගමගේට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිළකරත්න අද (27) නියෝග කළා.

ඒ අනුව මන්ත්‍රීවරිය රුපියල් 25,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරිර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

ද්විත්ව පුරවැසිභාවය දැරීම, කුඨ ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ ආගමන විගමන පාලකවරයා නොමඟ යැවීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව මහාධිකරණය හමුවේ ඊයේ (27) කැඳවු අවස්ථාවේදී මන්ත්‍රීවරිය මෙලෙස ඇප මත නිදහස් කෙරුණ.

එම චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම ද එහිදී සිදු වුණා.

අධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව ඩයනා ගමගේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණය නියෝග කළේය.