― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

හිස් විදේශ ගමන් බලපත්‍රවල හිඟයක් පවතින බැවින් හදිසි අවශ්‍යතා ඇති අය පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවයි.

මේ අතර ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලබාගැනීමට ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර තිබෙනවා.

එම නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස අවසන් වන විට ලැබෙනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.