― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් ඉන්නේ හොරා කාපු සෙට් එකත් එක්ක - රංජිත්

රනිල් ඉන්නේ හොරා කාපු සෙට් එකත් එක්ක – රංජිත්

රට වැටුනේ හොරකම් කරපු නිසා, දූෂණය නිසා බවත් දැන් රනිල් වික්‍රමසිංහ ඒ හොරා කාපූ පිරිසත් සමග එක් වී සිටින බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (27) සජබ බොරැල්ල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රනිල් සමග විවාදයට සජිත් සූදානම් බවත් මේ රට බංකොලොත් වීමට ජේවීපී එක වගකිව යුතු බවත් මහ ලේකම්වරයා එහිදී අවධාරණය කළා.

රට වැටුනේ හොරකම් කරපු නිසා, රට වැටුනේ දූෂණය නිසා දැන් රනිල් වික්‍රමසිංහ ඒ හොරාකාපූ පිරිසත් සමග එකතු වෙලා ඉන්නවා. රනිල් සමඟ විවාදයට සජිත් සූදානම්. මේ රට බංකොලොත් වීමට ජේවීපී එකත් වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ආගමක් නැහැ. ආගමක් සංස්කෘතියක් නැති පිරිසකට රට බාර දිය යුතු ද? අනුර දිනුවොත් ඇමති මණ්ඩලයක් පත් කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නේ මංත්‍රීවරු තුන්දෙනයිනේ.