29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසියලු තැපැල් ඡන්ද පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහිත රක්ෂිත පැකට්ටු සියලුම දිස්ත්‍රික්කවලින් බාර අරගෙන ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසනවා.

මේ වනවිට ඉතිරි වී ඇති රක්ෂිත පැකට්ටු එක එල්ලේම ගමනාන්ත වෙත යැවීමට බලාපොරොත්තු වන බවත් මෙවර තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා පුද්ගලයින් 712,318ක් සුදුසුකම් ලබා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළා.

වැඩිම තැපැල් ඡන්ද සංඛ්‍යාවක් අඩංගු වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටයුතු පිටත් කිරීමේ කටයුතු තාමත් සිදුවනවා. මේ වන විට මෙම කාර්යයේ කටයුතු 80% ක් පමණ අවසන් කර තිබෙනවා.

එමෙන්ම තැපැල්පතිවරයා සඳහන් කළෙඋ මෙම මස 30 වැනිදාට පෙර ලියාපංචි රක්ෂිත පැකට්ටු අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

රක්ෂිත පැකැට්ටු ලද වහාම ඉතාම ඉක්මනින් අදාළ සහතික කිරීමේ නිලධාරියා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ තේරීම්භාර නිලධාරීන්ගෙන් සැප්තැම්බර් 02 වැනිදා ලැබුණු පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් මාස 08 වන ඉරිදා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළා.

එදින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා බෙදීම් කටයුතු සිදු කෙරෙන බැවින් එම පත්‍රිකා භාරගැනීම සඳහා නිවසේ රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.