― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsIMF ගිවිසුම ගැන NPP ප්‍රතිපත්තිය භයානකයි - හර්ෂ

IMF ගිවිසුම ගැන NPP ප්‍රතිපත්තිය භයානකයි – හර්ෂ

IMF ගිවිසුමේ පදනම වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම මහා භයානක තත්ත්වයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (27) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැදිදුරටත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ IMF ගිවිසුම පවතින්නේ DSA මත බවත් එය සමාලෝචනය කර නැවත අලුත් DSA හා එකකට යනවා කියන්නේ එම වැඩසටහන එතැනින් ඉවර වන බවත්ය.

“එහෙම වුනොත් ආයේ අපිට එතනට යන්න බැරි වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක හරි. මේක වෙනස් කරන්ඩ යන එක මහා භයානක දෙයක්. ආර්ථිකය ගැන ඒගොල්ලෝ එක්ක විවාදයකට එන්න කිව්වා ආවේ නෑ. මේක තමයි පළවෙනි වතාවට ආර්ථිකය ගැන කියලා තියෙන එක පිටු තුන්සීයක් තියෙනවා නමුත් මේ කෑල්ල තමයි අපට වැදගත්ම. මේ පිටු තුන්සියෙන් එක paragraph එකක් විතරයි රටට වැදගත්, ආර්ථිකය ඉස්සරහට යනවද නැද්ද කියලා. අනික් අයට සුරංගනා කතා ගොඩක් කියන්න පුළුවන්. ගියපාර IMF වැඩසටහන කඩන් වැටිලා වෙච්ච දේ අපි දන්නවා.”