23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅනියම් සැමියා සමඟ යන්න මව තුන් හැවිරිදි දියණිය මරා දමලා

අනියම් සැමියා සමඟ යන්න මව තුන් හැවිරිදි දියණිය මරා දමලා

අනියම් සම්බන්ධයක් හේතුවෙන් මවක් සිය තුන් හැවිරිදි දියණිය ඝාතනය කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කාජල් කුමාරි නමැති 25 හැවිරිදි කාන්තාවක් විසිනුයි මෙම ඝාතනය සිදුකර ඇත්තේ.

සැමියා හැර දමා අනියම් ඇසුරක් පවත්වා ඇති මෙම කාන්තාව ඔහු සමඟ එකට ජීවත් වීමට සැලසුම් කර තිබුණත් අනියම් සැමියා පවසා ඇත්තේ තමන් සමඟ එනවා නම් දියණිය රැගෙන නොඑන ලෙසයි.

ඒ අනුව කාන්තාව මෙම අපරාධය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කාන්තාව විසින් අගෝස්තු 23 වැනිදා රාත්‍රියේ තම දියණියට පිහියෙන් ඇන සිරුර ගමන් මල්ලක බහා තම නිවස අසළ පිහිටි පාලු වත්තකට දමා තිබෙනවා.

කෙසේනමුත් ඉන්දීය පොලීසිය විසින් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලීසිය හමුවේ පවසා තිබුණේ තමා නිවසේ තිබූ ලේ පැල්ලම් ඇතුළු සාක්ෂි විනාශ කිරීමට උත්සාහ කළ බවයි.

එමෙන්ම අපරාධ සම්බන්ධ රූපවාහිනී වැඩසටහනක් නැරඹීමෙන් අනතුරුව තමන් මෙම ඝාතනය සිදුකළ බවත් ඇයැ පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අපරාධය සිදුකිරීමට යොදාගත් පිහිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බිහාර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.