26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම පාසලක දරුවන්ට හදි කළ විදුහල්පති රිමාන්ඩ්

කතරගම පාසලක දරුවන්ට හදි කළ විදුහල්පති රිමාන්ඩ්

පාසලේ පිරිමි ළමුන් කිහිපදෙනෙකුට ලිංගික අතවර කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් කතරගම, ගෝතමීගම කනිටු විදුහලේ විදුහල්පතිවරයා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මොහු පසුගිය 22 වැනිදා පිරිමි ළමුන් කිහිපදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්තා.

සැකකාර විදුහල්පතිවරයා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී තවත් ළමුන් දෙදෙනකු සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු වාර්තා ගොනු කරනු ලැබුවා.

අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මේ සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධ වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු බවට දන්වමින් ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වූ එක්සත් මානව හිමිකම් සංවිධානයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අදාළ ඉල්ලීම් ගැන සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වැනිදා තෙක් සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ද කතරගම පොලිසියට අධිකරණය දන්වා සිටියා.