― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතාත්තා නවත්තපු තැනින් මං සංවර්ධනය අරඹනවා - නාමල්

තාත්තා නවත්තපු තැනින් මං සංවර්ධනය අරඹනවා – නාමල්

තාත්තා නවත්තපු තැනින් තමා රටේ සංවර්ධනය අරඹන බවත් පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදන්න පොහොට්ටුව සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවට එක්වෙමිනි.

එහිදී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක් බවත් තම පක්ෂය කිසිදාක රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළ බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කළ හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.