26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedදිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක්

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක්

සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) රාත්‍රියේ නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන්ට මෙලෙස මහජන සාමය පවත්වාගෙන යාමේ කටයුතු පවරා ඇති බවයි.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 අගෝස්තු 27 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.