― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් දිනාදෙන්න කැපවෙනවා - ජනාධිපති

දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් දිනාදෙන්න කැපවෙනවා – ජනාධිපති

රට ඉදිරියට ගෙන යාමේදී රජයක් ලෙස අසීරු තීන්දු තීරණ ගැනීමට සිදු වූ බවත් තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට ගොඩගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) කුරුණෑගල දී පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමිනි.

තමා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී මේ රටේ සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව තමාට හිමි වූ බවත් රටේ සියලු ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලුදෙනා එක් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සඳහා ද සමස්ත මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා රට ජාතිය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන සුවිශාල මෙහෙවර අගයමින් මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත අශිර්වාද පළ කළහ.

රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජය ඉදිරියටත් කැපවන බවට ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ සහතික වුණා.

මේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජයක් ලෙස අප ඉදිරියටත් කැපවී කටයුතු කරනවා. අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ රට ගොඩගැනීමට පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි. අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටිනවා. අප ඒ මාර්ගය ඔස්සේ ඉදිරියටම යා යුතුයි. එසේ නොවුනොත් මේ රටේ ආර්ථිකය යළිත් කඩා වැටීම වළක්වන්න බැහැ. අද ජනාධිපතිවරණ වේදිකාවල ඇතැමුන් බදු අඩු කරන බව කියනවා. එසේ වුවහොත් කුමක්ද වන්නේ? එවැන්නක් සිදු කළහොත් මේ රටේ ජනතාවට සහන දිය නොහැකි තත්ත්වයක් උදාවෙනවා.

අපි රජයක් පිහිටුවීමෙන් අනතුරුව විදෙස් සංචිත වැඩිකර ගැනිමට කටයුතු කළා. රුපියල ශක්තිමත් කළා. ඉදිරි වසර දෙක තුළ වේගවත්ව රට ඉදිරියට ගෙන යාමට රුපියල ශක්තිමත් විය යුතුයි. ජනතාවට සහන ලබාදිය හැක්කේ රුපියල ශක්තිමත් වීම තුළින් පමණයි. ඒ නිසා අප සත්‍යය දැනගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අසත්‍ය ප්‍රචාරවලට යළිත් රැවටිය යුතු නැහැ.”