අභියෝගාත්මක කාලය තුළ මේ රටේ නායකත්වය භාරගත් රනිල් වික්රමසිංහ පෝළිම් යුගය අවසන් කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් කුරුණෑගලදී පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමිනි.
එදා රනිල් වික්රමසිංහ රට බාර නොගත්තා නම් ශ්රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත්වීමට ඉඩ තිබූ බවත් ඔහු එහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පැවති පාලන ක්රමයට එරෙහිව ජනතාව අරගල කළ බවත් ඉන් අනතුරුව රටේ වගකීම භාරගත් රනිල් වික්රමසිංහ ගත වූ වසර දෙක තුළ රටේ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කළ බවත්ය.