― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් තිදෙනෙක් රෝහලේ

ලොරි – යතුරුපැදි අනතුරකින් තිදෙනෙක් රෝහලේ

මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (27) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මන්නාරම, උයිලන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ බට්ටා වර්ගයේ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනටුර සිදුව ඇති බවයි.

මන්නාරම දෙස සිට ධාවනය වූ මෙම යතුරුපැදි දෙක උයිලන්කුලම් සිට මන්නාරම් දෙසට ධවනය වී ඇති ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ ලොරි රථයේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය කැලෑවට ධාවනය වී බරපතල හානි සිදුව ඇති අතර එක් යතුරුපැදියක් දෙකට කැඩී අනෙක් යතුරුපැදියට ද බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූවන් මුරුන්ගන් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් මන්නාරම මහ රෝහලට මාරුකොට යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් උයිලන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.