23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑන්නත් නඩුවේ පළමු සැකකරු වහාම අංගොඩ යවන්න - අධිකරණයෙන් නියෝගයක්

එන්නත් නඩුවේ පළමු සැකකරු වහාම අංගොඩ යවන්න – අධිකරණයෙන් නියෝගයක්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන 1 වන සැකකරු දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් ඔහු වහාම අංගොඩ මානසික විද්‍යායතනයේ රඳවා තබන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (29) නියෝග කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කරේ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පැමිණෙන තුරු ඔහු මානසික රෝහලේ රඳවා තබන ලෙසයි.

ඒ අනුව පළමු වන සැකකරු සුදත් ජානක වහාම මානසික රෝහල වෙත ගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට අද (29) නියෝග කළා.

“මේ පුද්ලගයා හෙට දිවි නසා ගත්තොත් මට වගකියන්න වෙයි. ඒ නිසා ඇප දීම සම්බන්ධයෙන් තීත්‍යානුකූල වාර්තා කැඳවන තුරු ලංකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන අංගොඩ රෝහල වෙත අදම රැගෙන යන්න” යැයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

නඩුව ආරම්භයේදී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ මානසික රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවා විමසා සිටියේ මානසික රෝගයක් පිළිබඳව ලක්ෂණ කිසියම් රැඳවියකුගෙන් පෙන්නුම් කරන්නේ නම් ඔහු මානසික රෝහලකට යැවීමට කටයුතු කරනවා ද කියායි.

නමුත් එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් ක⁣ළේ ඔහු දිවිනසා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් සාක්ෂි පවතින රජයේ චෙක්පත භාර ගත් පළමු සැකකරු හට ඇප ලබා දීම සිදු කළ නොහැකි බවයි.

ඒ අනුව පළමු සැකකරු අංගොඩ මානසික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.