28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් ඖෂධ මගඩියක් ගැන චමල්ගෙන් හෙළිදරවුවක්

තවත් ඖෂධ මගඩියක් ගැන චමල්ගෙන් හෙළිදරවුවක්

නැවත වරක් බාල බෙහෙත් ගෙන්වීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාවට සම්බන්ධ සියලු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්නැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (29) තවත් ඖෂධ මගඩියක් පිළිබඳ හෙළිදරවු කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් ප්‍රශ්න සහගත සංඛ්‍යාලේඛන සහ දත්ත මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අන්දමටම වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය පතිරණ ද කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් ඖෂධ සැපයුම්කරුවෝ සිටියදී සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය සිදුවන ප්‍රමාදයන් මත ඖෂද සැපයුම් ජාලය අවුල් වී ඇති තත්වයක් මත ඖෂධ හිඟයක් ඇති බව සඳහන් කරමින් හා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට දරණ වෑයම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ ජාවාරමට සමාන බව ඔහු අවධාරණය කළේ.

දැනටමත් ඇතැම් ඉන්දියානු සමාගම් ඖෂධ සැපයීමට තෝරාගෙන කිහිපදෙනෙකු ඒවායේ සංචාරය කොට ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර මේ අන්දමට සමාගම් තෝරා ගැනීම නීතිවිරෝධී වන බැවින් හා මෙම ලේඛන සකස් කළ සියලු නිලධාරින් අනිවාර්යෙන්ම නීතිය හමුවට පැමිණීමට කටයුතු කළ යුතු බව ඔහු පැවසුවා.