28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය ආයතන වෙත තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද සිට

රාජ්‍ය ආයතන වෙත තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද සිට

2024 ජනාධිපතිවරණයට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත අදාළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (29) සිට ආරම්භ කර තිබෙනවා.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ඡන්ද පත්‍රිකා එදිනම අදාළ රාජ්‍ය ආයතන වෙත ලබා දී එම තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනිමද බෙදා හරින්නන් විසින් සිදු කරනු ලබනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 19,727 කි.