27.8 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාව වටා පයින් ගොස් වාර්තාවක් තැබූ තරුණයා ජනපති හමු වෙයි

ලංකාව වටා පයින් ගොස් වාර්තාවක් තැබූ තරුණයා ජනපති හමු වෙයි

දින 45ක් තුළ ශ්‍රී ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි ශාමි ෂාහීද් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේදී යි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කළ ජනාධිපතිවරයා ඔහුට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

මෙම තරුණයා ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද ගොස් වාර්තාවක් තැබුවා.

ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීම සඳහායි ඔහු මෙලෙස පා ගමනින් ශ්‍රී ලංකාව වටා ගොස් වාර්තාවක් තබා ඇත්තේ.