― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙන කෙනෙක් ජනපති වුණොත් රට ආයෙ කඩා වැටෙනවා - දුමින්ද

වෙන කෙනෙක් ජනපති වුණොත් රට ආයෙ කඩා වැටෙනවා – දුමින්ද

බැරි වී හෝ මෙවර මැතිවරණයේ ජය වෙන කෙනෙකුට ගියහොත් මේ රට නැවත වතාවක් කඩා වැටී අපිට මුල සිට ආපහු පටන් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (28) අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සංවිධානය කළ කොට්ඨාශ කමිටු සමඟ පැවති සාකච්ජාවකදීය.

අපේ ප්‍රතිවාදී අපේක්ෂකයින් දෙන්නාම අපිට වඩා බොහෝ කාලයකට කලින් මැතිවරණ වැඩකටයුතු ආරම්භ කළා. ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්නේ නෑ කිව්වම අනුර කුමාර මැතිතුමා පිටරට සවාරි ගියා. හැබැයි ඊට පස්සේ ජනාධිපතිවරණය පිළිබඳව පහුගිය අවුරුදු 02 ක පුරාවටම කැම්පේන් එක ආරම්භ කරලා තිබුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය කියන ප්‍රධාන පක්ෂ 03 අපි කවුරුත් මැතිවරණයක් ඉලක්ක කරලා වැඩපිළිවෙලක් කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තුන්පාරක් ගෙයින් ගෙට ගිහින් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයලා, අනුර කුමාර මහත්තයලා, මීට අවුරුදු 1 ½ කට කලින් මේ වැඩේ පටන් ගත්තත් ඒ ගොල්ලන්ට වඩා අපිට තියෙන හයිය මොකක්ද? වෙනදා අපි තනි තනි පක්ෂ වශයෙන් අපේක්ෂකයෝ දැම්මා. එදා අපි බෙදිලා හිටියේ. හැබැයි දැන් මේ පක්ෂ තුනම අද එකට එකතු වෙලා තමයි අර සියලු අපේක්ෂකයොත් එක්ක හැප්පෙන්නේ. ඒ ගොල්ලන්ට තියෙන්නේ එක පක්ෂයක හයියක්. හැබැයි අපේ පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය කියන මේ කඳවුරු තුනම තියෙනවා. අවුරුදු කීපයකට කලින් ඒ අය පටන් ගත්තත්, අපිට මේ මාසය ඇති සැප්තැම්බර් මාසේ 21 වැනිදා වෙන කොට අපේ අපේක්ෂකයා වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සියලුම ආසන සංවිධායකවරුන්ට, සියලුම කොට්ඨාශ සංවිධායක තුමන්ලාට අපි කියලා තියෙනවා පරණ තියෙන ආරවුල් ටික ආයේ ඔලුවට ගන්න එපා කියලා. මොකද ඒ ආරවුල් ටික හිතුවොත් එහෙම අපිට එකතු වෙලා වැඩ කරන්න බෑ. අපිට නොයෙකුත් ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ සියල්ලම පැත්තකින් තියලා තමයි අපි මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්නේ. මොකද එක පැත්තකින් අපේ කඳවුර ජයග්‍රහණය කළ යුතුයි. අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම අපි නිහඬ වුණොත් බැරි වෙලා හරි මේ ජයග්‍රහණය වෙන කෙනෙකුට ගියොත් මේ රට නැවත වතාවක් කඩා වැටිලා අපිට මුල ඉඳන් ආපහු පටන් ගන්න වෙනවා.”