ත්‍රිකුණාමලයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද (30) විරෝධතාවක් පැවැත්වුණා.
අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ මෙම විරෝධතාව පැවැත්විණි.
මේ සඳහා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහභාගී වූ අතර යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම අවධාරණය කරමින් ඔවුන් විරෝධතාවයට එක්ව තිබුණා.
‘OMP යනු ප්‍රෝඩාවක්, අතුරුදහන් වූවන්ට යුක්තිය නැත, අපි ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමු, යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් කරන විට ‘OMP’, ‘Flyers’ සහ ‘Crowing voices’ වැනි සටන් පාඨ කියමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වුණා.
එහිදී පොලීසිය හා විරෝධතාවේ නිරත වූවන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදු වුණා.