30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලසක් ගන්න ගිය සැරයන්වරයාට වැඩ වරදී

අල්ලසක් ගන්න ගිය සැරයන්වරයාට වැඩ වරදී

මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ යතුරු පැදියක් මුදාහැරීම සඳහා සහාය වීමට මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදීයි සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කළුතර පොලීසිය පැවසුවේ මොහු අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරි නියුතු සැරයන්වරයෙක්.

සැකකාර සැරයන්වරයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.