― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsආදායම් දෙපාර්තමේන්තුවේ බව පවසා මුදල් ගරන්න ආ යුවළක් කොටු

ආදායම් දෙපාර්තමේන්තුවේ බව පවසා මුදල් ගරන්න ආ යුවළක් කොටු

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අලුත්ගම හා දර්ගා නගරයේ ව්‍යාපාර ස්ථානයන් වෙත පැමිණ වංචා සහගත ලෙස එම ව්‍යාපාරිකයන් තැති ගන්වා මුදල් ගරා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා ඊයේ (29) වෑන් රථයකින් අලුත්ගමට හා දර්ගා නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට පැමිණ ආදායම් බදු ලිපිගොනු හා ව්‍යාපාර ලියාපදිංචිය පරික්ෂා කර ඇති අතර ඒ පිළිබඳව අඩුපාඩු තිබෙන බවත් එය පිඅයවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මේ පිළිබඳව වෙළෙඳසැලේ හිමිකරු අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන, නිට්ටඹුවේ පදිංචි 50 හැවිරිදි සැකකරුවෙක් හා හා තලවත්තේ ගෙදර, පොතුහැර පදිංචි කාන්තාවක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබූ හැඳුනුම්පත ව්‍යාජ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හැඳුම්පතක් බවයි.

මුදල් ලබාදුන් හා මුදල් ඉල්ලූ බවට ලැබුණු පැමිණිලි මත අලුත්ගම හා දර්ගා නගරයේ ව්‍යාපාරික ආයතනවල ප්‍රකාශ සටහන් කරගෙන සැකකාරිය හා සැකකරු අද කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.