― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඇත්ත කියා රට ගොඩදාපු රනිල්ට යුතුකම ඉෂ්ඨ කරමු - රංජිත්

ඇත්ත කියා රට ගොඩදාපු රනිල්ට යුතුකම ඉෂ්ඨ කරමු – රංජිත්

ව්‍යාජත්වයත් සමඟ රට ගොඩගත නොහැකි බවත් ඇත්ත කියා රට ගොඩදාපු රනිල් වික්‍රමසිංහට මෙවර ජනාධිපතිවරණයේදී යුතුකම ඉෂ්ට කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (29) පස්වරුවේ කෑගල්ල, මාබෝපිටියේ පාක්ෂික හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා ජනප්‍රිය නොවන අසීරු තීරණ ගෙන රට යථා තත්ත්වයට පත් කළ බවත් අපි තවනත් ආර්ථික අර්බුදය කියන ළිං කටින් ගොඩ ඇවිත් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

දැන් හරියට මේ දවස්වල චන්ඩි ඉන්නවා. රට භාරගන්න පුළුවන්, අරක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, අපි එකක් දුන්නහම දෙකක් දෙනවා. අපි 10ක් දුන්නහම 10 හමාරක් දෙනවා. එහෙම අය ඉන්නවා. මම ඇහුවා ඒගොල්ලන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර නොගත්තානම් ඔයාලාට චන්ඩිකම් කරන්න පාර්ලිමේන්තුවක් ඉතුරු වෙනවද. ගහක් යට තමයි පාර්ලිමේන්තුව තියන්න වෙන්නේ. මේ රට ඉතුරු වෙනවද. මේ රට තවත් බංගලාදේශයක්. බංගලාදේශයට උන දේම තමයි මෙහෙ වෙන්නෙත්. රනිල් වික්‍රමසිංහ මහත්තයත් අනිත් කට්ටිය වගේ කොඳුරු තෙල් ඉල්ල ඉල්ල හිටිය නම් තොයිලෙට. එතුමා එහෙම කරේ නෑ. ඒ නිසා තමයි මේ තත්ත්වයෙන් මියැකිලා අපි බේරිලා දවසින් දවස අඩියෙන් අඩිය මේ රට ගොඩ යන්නේ.

මේක රසවත් නෑ. ජනප්‍රිය නෑ. නායකයෙක් ඒ තීන්දු අරගෙන තමයි හට යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය. ඒක එතුමා කරා. තව හැබැයි මේ ගමන යන්න තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඇවිල්ලා කියලා ගියා. ඔයගොල්ලෝ හරි වේගයෙන් අනිත් රටවල් වලට සාපේක්ෂව උඩට ආවා කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඔයගොල්ලෝ තාම ලින්කටින් උඩට ඇවිල්ලා නෑ. ලින්කටින් උඩට යන්න නම් ගෙනා ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ඕනේ. නැත්නම් ආයෙ ළිඳට වැටෙයි. ළිඳේ පතුල කොච්චර ගැඹුරද කියලා හිතන්න බෑ. ඒගොල්ලන්ට දේශපාලනය වැඩක් නෑ ඒගොල්ලෝ ඇත්ත තමයි කීවේ. ඒ නිසා අපිට මහ යුතුකමක් තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ බෙලි මිරිකලා සල්ලි ගන්න බෑ. ඒක අරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය දානවා පොහොසත් රටක් හදන්න. අරකෙ තියෙන බිලියන 1100යි ඒක ලස්සන කරලා තවත් වැඩ දාලා දස ලක්ෂ එකොලොස් ලක්ෂයයි. මේක දැක්කම ඕන කෙනෙක් හිතනවා ආණ්ඩුව මේ සල්ලි අරන් නෑනෙ. මේක ගත්ත ගමන් හරි නේ. මං මේ කිව්වේ එක උදාහරණයක්. ඒ නිසා මේ ව්‍යාජත්වයත් එක්ක රට ගොඩ යන්නේ නෑ. සත්‍ය තත්වයත් එක්ක ඇත්ත කියලා රට ගොඩදාපු කෙනා රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අපි යුතුකම ඉෂ්ට කරමු.”