27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉනේ සඟවාගෙන ගිය බෝතලය ඇනී අයෙක් රෝහලේ

ඉනේ සඟවාගෙන ගිය බෝතලය ඇනී අයෙක් රෝහලේ

ඉනේ සඟවාගෙන ගිය බෝතලයක් බිඳී පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි 52 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන් කරමින් සිට ඇති අතර එහිදී ඔහු ගල්තලාවක් මත ඇද වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.