28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑජාපෙන් ගියා කියපු රංගේ මාධ්‍ය හමුවක් කැඳවයි

එජාපෙන් ගියා කියපු රංගේ මාධ්‍ය හමුවක් කැඳවයි

තමාව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ඊයේ නොයෙක් පුවත් මැවූ පාලිත රංගේ බණ්ඩාර අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු සඳහන් කළේ විවිධ මාධ්‍යවල හා පුවත්පත්වල තමා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව පැවසූවද තමන් තවමත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වී නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් තමන්ව මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවට මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඔහු එහිදී කියා සිටියේ.