29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමළ නියෝජිතයින් හා අජිත් දොවාල් අතර හමුවක්

දෙමළ නියෝජිතයින් හා අජිත් දොවාල් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දෙමළ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, අමාත්‍ය සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මරුදපාණ්ඩි රාමේෂ්වරන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවිනද් කුමාර්, කර්මාන්ත රාජ්‍ය සහ එක්සත් වතු කම්කරු සංගමයේ සභාපති වඩිවේල් සුරේෂ් මෙම හමුවට එක්ව තිබුණා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීම සහ සමාජ-ආර්ථික කරුණු වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් වෙත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් සමරු තිළිණයක් ද පිළිගැන්වීය.