― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල් කමිටු දාන්න මාරම දක්ෂ මිනිහෙක් - මුජිබර්

රනිල් කමිටු දාන්න මාරම දක්ෂ මිනිහෙක් – මුජිබර්

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ සිටම කමිටු දාන්න මාරම දක්ෂ මිනිහෙක් බව සමගි ජන බලවේගයේ බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) ගම්පොළ ප්‍රදේශයේ පැවති
සමගි ජන බලවේගයේ ජන හමුව අමතමිනි.

ජනාධිපතිවරයා නිතරම අපි පෝලිම් නැති කළ බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ පෝලිම් හැදුවේ අපි නොවන බවත් පෝලිම් හදපු කට්ටිය අද ඉන්නේ ජනාධිපතිවරයා ළඟ බවත්ය.

අද ජනාධිපතිතුමා කියනවා හොරු අල්ලන්න කමිටුවක් දානවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ ඉඳලා කමිටි දාන්න මාරම දක්ෂ මිනිහෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. එතුමා කියනවා අපි පෝලිම් නැති කළා කියලා. පෝලිම් හැදුවේ අපි නෙවෙයිනේ. පෝලිම් හදපු කට්ටිය තමයි අද එතුමා ළඟ ඉන්නේ.

අපරාදේ ජනාධිපතිතුමාට ඡන්ද සලකුණ විදියට ගන්න තිබ්බේ පාස්පෝට් එක. දැන් පාස්පෝට් ගන්න බැරුව ජනතාව පෝලිම්වල දවස් ගණනාවක් ඉන්නවා. අපි හිතන්නේ ජනාධිපතිතුමාට හොඳම ලාංඡනය තමයි පාස්පෝට් ලාංඡනය. ජනාධිපතිතුමාගේ ලේකම්වරයෙකුත්, ඇමතිතුමාගේ ලේකම්වරයෙකුත් විශාල හුටපටයක් තිබෙනවා පාස්පෝට් ටෙන්ඩර් එක දෙන්නේ කාටද කියලා. ඒකයි මේ පාස්පෝට් පරක්කු. පාස්පෝට් ටෙන්ඩරය දෙන්න තිබ්බේ මාස දෙකකට කලින්. ඇමතිතුමාගේ ලේකම්වරයාටයි, ජනාධිපතිතුමාගේ ලේකම්තුමාටයි මෙම ටෙන්ඩරය වෙනුවෙන් ෆයිට් එකක් ගියා. එම සටනේ ප්‍රතිඵලය තමයි අද පාස්පෝට් පෝලිම්වල තිබෙන්නේ.