― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල් රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් - ෆයිසර්

රනිල් රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් – ෆයිසර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් බවත් සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක මේ රටේ බලයට පත් වුවහොත් මාස 06ක් ඇතුළත යළිත් පෝළිම් යුගයක් ඇතිවන බවත් හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) හම්බන්තොට
බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවති ‘පුළුවන්
ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැළියට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් බවත් රනිල් වික්‍රමසිංහ රට භාරගෙන සිදුකළ කාර්යභාරය ලෝකයේ කිසිදු රටක නායකයෙක් කර නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

“ඇතැමුන් මේ රටේ දේශපාලනය පමණයි කරන්නේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්. අනික් දේශපාලනඥයන් සහ වික්‍රමසිංහ අතර වෙනසක් තිබෙනවා. සමහර අය ජාතීන් අතර ප්‍රශ්න ඇති කරනවා. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකේය චින්තනයක් සහිතව රට ඉදිරියට ගෙනයන නායකයෙක් බව කිව යුතුයි. එතුමා එදා රට භාරගෙන සිදුකළ කාර්යභාරය ලෝකයේ කිසිදු රටක නායකයෙක් කර නෑ. අද දිනෙන් දින රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මේ රටේ බලයට පත්වුවහොත් මාස හයක් ඇතුළත යළිත් පෝළිම් යුගයක් ඇතිවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු දිනක රටට අහිතකර තීන්දු තීරගෙන නැහැ. එම නිසා තමයි එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්නට එතුමාට සහාය ලබා දෙන්නේ.”