31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවහලයක් මත අභිරහස් ලෙස මියගිය අයෙක්ගේ මළ සිරුරක්

වහලයක් මත අභිරහස් ලෙස මියගිය අයෙක්ගේ මළ සිරුරක්

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව ප්‍රදේශයේ වහළයක් මත තිබී සොයාගෙන තිබෙනවා.

කැකිරාව පොලිසිය පැවසුවේ කැකිරාව, ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහළයක් මත තිබී ඊයේ (29) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස අභිරහස් අයුරින් මිය ගොස් ඇත්තේ කැකිරාව, ඔළුකරඳ ප්‍රදේශයේම පදිංචිව 44 හවිරිදි කරවිටගම උඩවත්තේ අමිල ප්‍රියදර්ශන නැමති විවාහක පුද්ගලයෙක්.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මළ සිරුර සොයා ගත් අවස්ථාවේදී පැවැති තත්වය අනුව අදාළ පුද්ගලයා මින් දින කිහිපයකට ඉහතදී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම පුද්ගලයා දින කිහිපයක සිට නිවසින් අතුරුදන්ව සිට ඇති ඇතර ඔහු පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී ඔහුගේ මළ සිරුර මෙලෙස සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පොලිසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.