27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට රිට් ආඥාවක්

අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වැනිදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස පවසමින්.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

2020 වසරේදී ආර්.එස්. ජමිල් ඇතුළු 42 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් එහි වගෞත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.