― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅපි බොරු පොරොන්දු දෙන්නේ නෑ - කළ හැකි දේ පමණයි අපි කියන්නේ

අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ – කළ හැකි දේ පමණයි අපි කියන්නේ

රැස්වීම්වල සෙනඟ හිටි පළියට ඡන්ද දිනිය නොහැකි බවත් සමගි ජන බලවේගය කිසිදා අපි බොරු පොරොන්දු නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (02) නාවල, කොස්වත්ත ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වෘත්තීය සමිතිවලින් බලය ගත්තට රාජ්‍ය සේවය JVP එකට ලියා දී නොමැති බවයි.

සමගි ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති මාලාව එළැඹෙන 4 වැනිදා එළිදක්වන බවත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බලා ඕනෑම අයෙක්ට ඡන්දය දිය හැකි බවත් ඔහු එහිදී අවධාරණය කළා.

බොහෝ අය අපිට අලුතෙන් එකතු වෙනවා. වෘත්තීය සමිති හරහා රාජ්‍ය සේවයේ බලයක් ගන්න පුළුවන්. නමුත් රජයේ සේවය ජවිපෙට ලියලා දීලා නෑ. වගකීමකින් තොරව අච්චර පඩි වැඩි කරනවා මෙච්චර කරනවා කියන්න අපි කැමැති නෑ. අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ. අපිට කළ හැකි දේ පමණයි අපි කියන්නේ. කවුරු මොනවා කිව්වත් කවුරුත් ආර්ථික බ්ලූ ප්‍රින්ට් එකක් හදලා නෑ. වයස 40 ට වැඩි අයට වෛද්‍ය පරීක්ෂණ කළ යුතු බවට වූ යෝජනාව මටත් ආවා. අපිත් සොයා බැලුවා. ඒක වසරක් පාසා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බොරු පොරොන්දුවක්. මම අභියෝගයක් කරනවා ජවිපෙට සියලුම අයට මේ කියන විදියට වෛද්‍ය පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා කියන්න කියලා.

මාස හයෙන් හයට පඩි වැඩි කරන්න සල්ලි කෝ? ඒ නිසා අපි ප්‍රකාශ කරන්නේ වගකීමෙන්. අපි 4 වෙනිදා අපේ යාවත්කාලීන කළ බ්ලූ ප්‍රින්ට් එක ඉදිරිපත් කරනවා. ඒකේ පිටු 60 යි. ආර්ථිකය ගොඩ ගන්නා ආකාරය එහි සඳහන් වෙනවා. සියලු දේ කරන ආකාරය එහි සදහන් වෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය බලලා ඡන්දය දෙන්න පුළුවන්. වැටුප් විෂමතා ඉවත් කරන්න ඕනේ. සෙනඟ හිටපු පමණින් ඡන්ද දිනන්නේ නෑ. මේ අපේ ප්‍රතිපත්තිය හරහා බලාපොරොත්තු වෙන්නේ ඉදිරි වසර 5 තුළ අපේ වැඩපිළිවෙළ හරහා ආර්ථිකය වර්ධනය කර ගැනීමයි.”