23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

තම බිරිඳ යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට විනිසුරු ප්‍රසන්න අල්විස් අද (02) මරණ දඬුවම නියම කර තිබෙනවා.

2010 ජුනි 19 වැනිදා බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේදී 35 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රාවතී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන සුලෙයිමාන් ධර්මදාසට එරෙහිව බදුල්ල පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් තිබී ඇති අතර බිරිඳ වෙනත් සබඳතාවක් පවත්වන බව තහවුරු වීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බිරිඳගේ කකුලට යකඩ පොල්ලකින් පහර දී ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවයි.