― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරට ගොඩගත් රනිල්ට ජනතාව කළගුණ සැලකිය යුතුයි - විදුර

රට ගොඩගත් රනිල්ට ජනතාව කළගුණ සැලකිය යුතුයි – විදුර

රට අරාජික තත්ත්වයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහට ජනතාව කළගුණ සැලකිය යුතු බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) හොරණදී ‘පුළුවන් ශ්‍රී ලංකා’ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථවට එක්වෙමිනි.

දේශපාලනය තුළ කළ යුත්තේ ජනතාව බෙදන එක නොව ජනතාව එකතු කිරීම බව පැවසූ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ සේවය සහ පොරොන්දු අතර ලොකු පරතරයක් ඇති බවයි.

එක පැත්තකින් සුරංගනා කථා අනිත් පැත්තෙන් ඉරිසියාව, ක්‍රෝධය වපුරන කතා. දේශපාලනය තුළ කෙරෙන්න ඕන ජනතාව බෙදන එක නෙවෙයි ජනතාව එකතු කරන එක. බංකොලොත් වෙච්ච සමහර වාමාංශික පක්ෂ තියෙනවා එයාලා දැන් පන්ති භේදයක් ගේනවා. සමාජවාදය පෙන්න පෙන්න ධනවාදයට වඳින සමහර කණ්ඩායම් ඉන්නවා. වපුරන්න ඕන භේද නෙවෙයි එකමුතුකමයි වපුරන්න ඕන.

අපි භේද උන නිසා තමයි බංකොලොත් උනේ. රට අරාජික තත්ත්වයෙන් ගොඩ ගැනීමට අපේ රටේ මිනිස්සු රනිල් වික්‍රමසිංහ මහත්තයාට කළගුණ සැලකිය යුතුයි. සේවය සහ පොරොන්දු අතර ලොකු පරතරයක් තියෙනවා. ආණ්ඩු බලයක් නැතුව පොරොන්දු දෙන්න හරි ලේසියි. නමුත් සේවයක් කරන්න හරි අමාරුයි. සේවය හරියට කරපු නිසා තමයි මේ රට අද මේ තත්ත්වයෙන් හරි තියෙන්නේ. මෙතනින් එහාට අපි යන්න ඕන දරුවන්ට අනාගතයක් තියෙන්න ඕන.”