― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල්ගේ නිවැරදි තීන්දු තීරණ නිසා ජනතාවට සහන ලැබෙනවා - අගමැති

රනිල්ගේ නිවැරදි තීන්දු තීරණ නිසා ජනතාවට සහන ලැබෙනවා – අගමැති

නූපන් පරම්පරාව ණය බරින් නිදහස් කළ යුතු බවත් එදා ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ආපස්සට නොගොස් බංකොලොත් වූ රට යථා තත්ත්වයට පත් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දුක්විඳි නමුත් රනිල් වික්‍රමසිංහගේ නිවැරදි තීන්දු තීරණ නිසා ජනතාවට සහන ලැබෙමින් පවතින බවයි අග්‍රාමත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

“මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට රට ගොඩනගන්න එදා වැඩපිළිවෙලක් තිබුනේ නැහැ. මේ අය පලා ගිය පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩ නැඟීමේ අභියෝගය භාර ගෙන අද රට සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ දේශපාලන අත්දැකීම්වලට අනුව කටයුතු කරපු නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දුක්වින්දා. එතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා ජනතාවට සහන ලැබෙමින් පවතිනවා.

අද රටක් ලෙස වර්ධනයක් ඇතිවී තිබෙනවා. ජනතාවට සහන ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත්ව ගොඩනැගෙමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එතුමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළා. 2025 ජනවාරි මාසයේ සිට නැවත වරක් වැටුප් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.”