28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසන්ත යාපාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

වසන්ත යාපාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

වසන්ත යාපා බණ්ඩාර විසින් අද (02) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ප්‍රබල දේශපාලන පක්ෂ කිහිපයක් පසුගිය දින කිහිපයේම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන බව පවසමින්.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණය ඉදිරිපත් වී ඇති මොහොතක තරුණ සම්මේලනයක් පවත්වමින් තරුණ සේවා සභාවේ දේපල අවභාවිත කරන බවයි.

ජනාධිපතිවරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයා යොදා ගනිමින් තමන්ව ප්‍රවර්ධනය කරන්න කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ජාතික ජන බලවේගය විසින් මාතලේ පෝසිලේන් සමාගමේ සේවකයින් නිල ඇදුම්වලින් වලපනේ ප්‍රදේශයේ මැතිවරණ කටයුතුවල යෙදී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවදානය යොමු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.