― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවැටුප් වැඩිවීම 2025 ජනවාරියේ සිට - සුසිල්

වැටුප් වැඩිවීම 2025 ජනවාරියේ සිට – සුසිල්

2025 ජනවාරි 02 වැනිදා සිට වැටුප් වැඩිවීම ක‍්‍රියාත්මක බවත් වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස් කර, සේවා දිරි දීමනාවක් ලබාදෙන බවත් අධ්‍යාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පැවැති ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“මීට වසර දෙකයි මාස තුනකට පෙර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ රට භාරගන්න අවස්ථාවේ රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වෙලා, විදෙස් සංචිත ඩොලර් මිලියන 19ක් දක්වා පහත බැහැලා, තෙල්, ගෑස්, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විදෙස් විනිමය නැතිව, ජනතාව දින ගණන් පෝලිම්වල හිටියා. ඒ තතත්වයෙන් රට බේරාගෙන රට යථාවත් කළේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමායි. රජයේ සේවකයින්ගේ විවිධ කාණ්ඩ, එකම සේවාව තුළ විෂමතාවයන්, විවිධ සේවාවන් තුළ විෂමතාවයන් හටගෙන තිබුණා. වැටුප් වැඩිකිරීමත් සමඟ මේ විෂමතාවයන් ඉවත් කිරීමයි රජයේ පරමාර්ථය වුණේ. වෘත්තීය අරගල මැද්දේ තමයි රට මේ තැනට ගෙනාවේ. රාජ්‍ය සේවකයින්ගේ අද වැටුප් ගෙවන්න වාර්ෂිකව රුපියල් බිලියන 1,200ක් හා විශ‍්‍රාමිකයට රුපියල් බිලියන 400ක් වැය වෙනවා. බලයට එන ඕනම ආණ්ඩුවකට අද තිබෙන මට්ටමේ වැටුප් ගෙවන්න නම් රුපියල් බිලියන 1,600ක් මේකට වෙන් කරලායි අනික් කටයුතු පටන් ගන්න වෙන්නේ.

අප ඉදිරිපත් කළේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මාලාවක් නෙවෙයි. අපි පවත්වාගෙන යන රජයක්. අපි කියන්නේ මේ මෙහෙයුම ඉදිරියට ගෙනයන බවයි. එහි 16 වෙනි පිටුවේ බදු සහන සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. දැනට ක‍්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප‍්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කරලා තියෙනවා. තව නොබෝ දිනකින් ඒ යෝජනා ක‍්‍රියාත්මක වෙනවා. ඒ යෝජනා IMF එකට යවලා ඒ අයගේ යෝජනා අපට එවලා තියෙනවා. ඒ ගැන තීන්දුවක් ගන්න දින කීපයක් ගතවේවි. වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස් කරන්න සේවා දිරි දීමනාවක් ගෙවනවා. අතුරු බදු හැකිතාක් දුරට අඩු කරනවා.

රාජ්‍ය සේවය ප‍්‍රධාන සේවා වට්ටම් හතරකට වෙන් කරලා, එක් එක් ඛාණ්ඩය සදහා ඇති මාර්ග උපදේශ අනුව ප‍්‍රාථමික සේවාවන් වල එන්. වී.කියු 3 සිට වැටුප් ගැලපීමක් සිදුවෙනවා. සෙසු සේවාවන් වල අධයාපන හා වෘත්තීය සුදුසුකම් කියන දෙකම එකට අරන් වැටුප් ගැලපීම කරනවා. එයින් සියලූ‍ම රාජ්‍ය සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව රුපියල් 25,000ක් වෙනවා. රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් වෙනවා. එතනින් ඉහළට වැටුප් ගැලපීමක් වෙනවා. ව්‍යාපාරික ස්වරූපයේ රාජ්‍ය සමාගම්, බැංකුවලට මේක අදාල නැහැ. ඒවායේ වෙනම වැටුප් වැඩිවීමේ ක‍්‍රමයක් තියෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, රාජ්‍ය සේවය මේකට ඇතුළත් වෙනවා. 24% අවමයත් 50% උපරිම පරාසයකින් වැටුප් වැඩිවීමක් කරන්නේ වැටුප් විෂමතාවය ඉවත් කරගන්නයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය තියෙන්නේ අවුරුදු 29ක් තිස්සේ. මේ ප‍්‍රශ්නයට සම්පූර්ණ විසදුමක් මෙමගින් ලැබෙනවා. මෙතන සමස්ත රාජ්‍ය සේවයේම විෂමතාවය ඉවත්කිරිමක් සිදුවෙන නිසා 2025 ජනවාරි පළවෙනිදා සිට මෙය ක‍්‍රියාත්මක වීමත් සමඟ වෘත්තීය අරගල එන එකක් නැහැ කියලා අපි හිතනවා. ගුරුවරු, විදුහල්පතිවරු ලෙඩ වෙන එකක් නෑ. පන්ති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න අපිට පුළුවන් වෙයි. විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ අනධ්‍යයන අයට ප‍්‍රශ්නයක් තිබුණා. ඒ ප‍්‍රශ්නෙටත් මෙයින් විසඳුම ලැබෙනවා. විසඳුම් දෙනකොට මහාචාර්යවරුන්ට ප‍්‍රශ්නයක් එන්නෙත් නැහැ. මේ තීන්දුවලට එන්න කමිටුවට විවිධ මූලාශ‍්‍ර සහය වුණා. වෘත්තීය සමිති සමග සාකච්ඡුා කළා. කමිටුවටත් සාකච්ඡුා කරන්න වෘත්තිය සමිතිවලට අවස්ථාව දුන්නා. පරණ වාර්තා සියල්ලම දුන්නා. මේවා ඔක්කොම පරිශීලනය කරලා තමයි කරුණු ටික ගලපලා තියෙන්නේ. මේ සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය වැඩ කරන්න යෝජනා කරලා තියෙනවා.

ජීවන වියදම් දීමනාව රුපියල් 25,000කින් වැඩි කරනකොට විශ‍්‍රාමිකයින්ටත් සියයට පනහක් ලැබෙනවා. ඊට අමතරව විශ‍්‍රාමිකයින්ට රුපියල් 3000 ක අතුරුදීමනාවක් දුන්නා විෂමතාවය ගලපනකල්. 2020ට පෙර විශ‍්‍රාම ගත්ත අයගේ විෂමතා ඉවත් කිරීමත් මේකට පදනම් වෙලා තියෙනවා. මේකෙන් දැනට වෘත්තීන් දහයක වැටුප් වැඩිවීම ප‍්‍රකාශ කරලා තියෙනවා. උදාහරණ විදියට කාර්යාල කාර්ය සහායක තුන් වන ශේණියට රුපියල් 5450කින්, දෙවන ශේණියට රුපියල් 8,760, පළවෙනි ශ්‍රේණියට 10,950කින්, විශේෂ ශේණියට 13,980කිනි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ තුන්වන ශ්‍රේණියට රුපියල් 8340, දෙවන ශ්‍රේණියට 11,690, පළවෙනි ශ්‍රේණියට 15685ක් වැඩිවෙනවා. වැඩිම පිරිසක් ඉන්න කළමණාකරණ සහකාර ක්ෂේත‍්‍රයේ තුන්වන ශේණියට රුපියල් 10,140, පළවෙනි ශ්‍රේණියට 17,550 කින් වැඩිවෙනවා. බදවා ගත් සංවර්ධන නිලධාරීන් 52000න්, 23,000ක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට දාලා 16,000ක් ඉතුරුයි. ඔවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බදවා ගැනීමට නියමිතයි. ඔවුන් උපාධිධාරින් නිසා සියලූ‍ම සංවර්ධන නිලධාරීන් තුන්වන ශේණිය 12,710කින්, පළවෙනි ශේණිය 25150කින් වැටුප් වැඩිවෙනවා.

ප‍්‍රධාන අපේක්ෂකයෝ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ඉදිරිපත් කරා. අපි අවම වැටුප් පනස් පන්දාහයි කියපුවම, සජබ කියනවා පනස් හත්දහසයි කියලා. හැබැයි ඒ අයගේ පරාසය පෙන්වන්නේ නෑ. මේ අය වගේ අතාර්කික උපමාණයක් නැති මාර්ගෝපදේශයක් නැති වැඩපිළිවෙළක නෙමෙයි අපි ඉන්නේ. වැටුප් විෂමතාවයට විසඳුමක් කිසිම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ඉදිරිපත් කරලා නැහැ. අපේ මෙහෙයුම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය දාන්න ඕන නෑ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට පෙරාතුවයි කමිටු වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත්තෙ. ඒක නිසා අපිට ආයෙමත් ප‍්‍රතිපත්තියකට මේක දාන්න ඕන නැහැ. ප‍්‍රතිපත්ති දාලා තියෙන්නේ බදු සහන දීම ගැන පමණයි. අද ප‍්‍රධානපෙලේ අපේක්ෂකයින්ගේ පක්ෂවල වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැදවලා විෂමතාව ඉවත් කරනවා කිව්වට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒ ගැන කිසිම දෙයක් නැහැ. අවුරුදු දෙකකින් අපි රටේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනාවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අයගෙන් ඇමැතිවරයා විදියට මම ඉල්ලීමක් කරනවා ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වා ගෙන යන්න කියලා. ගුරුවරුන්ට මොඩියුලර් ක‍්‍රමය මත වැටුප් වර්ධක උසස්වීම් දීම වෙනුවට සරල ක‍්‍රමයට කොමිසම සමඟ එකඟතාවයකට ආවා.”