27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන ප්‍රකාශයට

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන ප්‍රකාශයට

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා දෙවැනි පත්‍රය පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,649 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

විභාගයට අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා තිබෙනවා.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) සිට සැප්තැම්බර් 9 වැනිදා දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා දී තිබෙනවා.