― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසජිත්ට අගමැතිකම දෙන්න හැදුවත් ඔහු පලාගියා - ජනපති

සජිත්ට අගමැතිකම දෙන්න හැදුවත් ඔහු පලාගියා – ජනපති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපති ධුරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාස පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බව අවධාරණය කළා.

“ඔබ සියලුදෙනා මීට අවුරුදු දෙකකට කලින් සිටියේ ඉන්ධන, ගෑස්, ඖෂධ පෝලිම්වලයි. එදා පෝලිමේ ඉඳලා එපා වුණා. ඇතැමුන් පෝලිම්වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්‍රදායේ හැටියට ඊළඟට අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි. ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා. එහිදී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න ඉඩදෙන්න කියලා. අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඒ කාලේ මට කවුරුත් හිටියේ නෑ. මම විතරයි. සජබෙ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි.

ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධුරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධුරය භාරගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා. ඊළඟ දවසේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති ධුරය භාරගන්න ගියාත් එතුමාත් බැහැ කිව්වා. අනුර කුමාර කතා කළේවත් නැහැ. ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුණා අගමැති ධුරය භාරගන්න කියලා. මා එක්ක යන්න මට අත්පොළසන් දෙන්නවත් කවුරුත් නෑ. මම තනියම ගිහින් දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා සියලු දෙනා ආණ්ඩුවට එකතු වුණේ. ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වු‍ණා. මම ජනාපති ධුරයේ වැඩ බලන්න හිටියත්, සජිත් කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධුරය භාරගන්න එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා. අනුරගෙන් ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත් ගන්නේ නැහැ කිව්වා. කථානායකතුමාව යෝජනා කළා. එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා. ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන් පලා ගියා. මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක නවැත්තුවේ නැත්නම් අද ලංකාවත් බංග්ලාදේශයක් වෙනවා. එහෙනම් බංග්ලාදේශයේ වගේ මෙහෙත් පාර්ලිමේන්තුවක් නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ.

අපට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත් සැහැල්ලු කළ යුතුයි. රුපියල ශක්තිමත් වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත් ශක්තිමත් කරන්නයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතුයි. බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකළ යුතුයි. අනුර සහ සජිත් කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රාජ්‍ය ආදායම අඩු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කළෙත් ඒ කටයුත්තයි. ඔහුත් බදු අඩු කළා, ජනතාව පෝලිමේ හිටියා. ආපසු ඩොලරයට සාපේක්ෂව රුපියල 370 යවන්න අවශ්‍යද? හාරසියයට යවන්න අවශ්‍යද? මම ඔවුන්ට කියනවා, නිකන් බොරු කියන්න එපා කියලා.

දැන් අපට තිබෙන්නේ රුපියල තවත් ශක්තිමත් කිරීමයි. රැකියා ලබාදීමට අවශ්‍යයි. පසුගිය අවුරුදු හතරක් තිස්සේ රැකියා ලබාදීමක් සිදුවුණේ නෑ . නමුත් එන අවුරුද්දේ රැකියා ලක්ෂයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. පුද්ගලික අංශයේ සහ ස්වයං රැකියා සඳහා යොමු කරනවා. පුද්ගලික අංශයට පිරිස් යොමු කර පුහුණු වැටුප් ලබාදෙනවා. ඒ පිරිස් රැකියාවල ස්ථිර කරන්න ඒ සමාගම්වලට දිරිගැන්වීමක් ලෙස අපි එම කටයුතු සිදු කරනවා.

ඒ වගේම සුහුරු කෘෂිකර්මය ආශ්‍රිත රැකියා සඳහා ද පිරිස් යොමුකරනවා. මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට මට අවශ්‍යයි. මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයන් බවට පත්කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අපනයන වෙළෙදාම ඇති කරන්න අලුත් ආයෝජන කැඳවිය යුතුයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසහනක් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය දියුණු කරන්න අපට වැඩපිළිවෙලක් තිබෙනවා. මේ පණිවිඩය ඔබ සියලු දෙනා ඉදිරි දිනවල ගෙයින් ගෙට ගොස් කියන්න. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද යමක් කිව යුතුයි. දැන් මෙතන සජබෙ සමඟ බෙදීමක් තියෙනවා. නමුත් සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිව යුතුයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න මට ජන්දය දෙන්න කියලා. ඒ සඳහා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න. නැත්නම් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා.”