― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහැමෝම පැනලා යද්දි රට භාරගත්තේ රනිල් විතරයි - ප්‍රසන්න

හැමෝම පැනලා යද්දි රට භාරගත්තේ රනිල් විතරයි – ප්‍රසන්න

ආර්ථික අර්බුදය හමුවේ හැමෝම පැන ගිය අවස්ථාවේදී රටේ අනාගතය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීමේ වගකීම භාරගත් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මේ රට භාර නොගත්තා නම් ලංකාව තවත් බංගලදේශයක් වීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

“ආර්ථික අර්බුදය හමුවේ හැමෝම පැනලා ගියා. ඔවුන් රට විනාශ වෙන බව ප්‍රකාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහ රටේ අනාගතය වෙනුවෙන් එතුමා රට ගොඩනැගීමේ වගකීම භාරගත්තා. අභියෝග භාරගත් කණ්ඩායමක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට අප කටයුතු කරන බව කිව යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටුණ සෑම අවස්ථාවකම ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගත්තා. 2022 වසරේදීත් එතුමා භාරගෙන රට යහපත් මට්ටමකට ගෙන ආවා.

1988 – 89 රටම ගිනි තැබූ, අනුර දිසානායකලා අද මේ රටේ බලය ඉල්ලනවා. අරගලය අවස්ථාවේ ඔවුන්ගේ හෙල්මට් බලකාය ජනතාවගේ නිවාස කොල්ලා කෑවා. නිවාස ගිනි තැබුවා. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මේ රට භාර නොගත්තා නම් තවත් බංගලදේශයක් වීමට ඉඩ තිබුණා.”