31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැන් අරගලය ඇත්තේ අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි - ජනපති

දැන් අරගලය ඇත්තේ අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි – ජනපති

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බවත් සමගි ජන බලවේගය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.

මේ වනවිට අරගලය ඇත්තේ අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට බවත්
අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම ජාතික ජන බලවේගය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.