31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොරවකින් පහර දී බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

පොරවකින් පහර දී බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

සැමියා විසින් බිරිඳට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ගැටහැත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (02) පස්වරුවේ අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මොවුන් දෙදෙනා අතර පැවති පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.