26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරුවලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කළ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) සුභ මොහොතින් විවෘත කෙරුණා.

පිළිකා රෝගයෙන් පීඩා විඳින්නා වූ ළමා රෝගීන් සඳහා අංගසම්පූර්ණ මහල් 4 කින් සමන්විතව ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණයේ රෝගී ළමුන් 70 කට එකවර නේවාසික ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හුස්ම ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙනුයි මෙම වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණේ.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර එය සාදා නිම කිරීම සඳහා මාස 10ක කාලයක් ගත වී තිබෙනවා.