27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ වරායට ආ කන්ටේනර් රථයේ මළ සිරුරක්

කොළඹ වරායට ආ කන්ටේනර් රථයේ මළ සිරුරක්

කොළඹ වරායේ UTC අංගනය වෙත පැමිණි කන්ටේනරයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

කන්ටේනරයේ එන්ජින් කොටසේ තිබී මෙම මළ සිරුර හමු වූ බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ එම කන්ටේනරයේ සහායකයා ලෙස කටයුතු කළ 57 හැවිරිදි අයෙකුගේ මළ සිරුරක්.

මියගිය පුද්ගලයා සිය සහෝදරයා සමඟ පසුගිය සෙනසුරාදා භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ අනෙකුත් කන්ටේනර් රථ සමඟ ඔවුන්ගේ රථය ද නවතා තිබෙනවා.

කෙසේනමුත් මොහුගේ සහෝදරයා පෙරේදා (01) නිවස කරා ගොස් ඇති අතර එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ 05ක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගිය ද මෙම කන්ටේනර් රථය පමණක් එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේ දී මෙම පුද්ගලයා රථය තුළ මියගොස් ඇති අයුරු දැක තිබෙනවා.

අනතුරුව මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.