28.4 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජීවිත 11ක් බිලිගත් චීනයේ බස් රථ අනතුර

ජීවිත 11ක් බිලිගත් චීනයේ බස් රථ අනතුර

චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේදී පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (03) සිදු වූ මෙම අනතුරෙන්
සිසුන් පස් දෙනෙක් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තායියාන් නගරයේ පාසලක ගේට්ටුවෙන් පිටත සිසුන් සහ දෙමව්පියන් පිරිසක් රැස්ව සිටි අවස්ථාවේදීයි බස් රථය ඔවුන් අතරට කඩා වැදී ඇත්තේ.

රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.