28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් අද විරෝධතා

දිවයින පුරා රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් අද විරෝධතා

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත හැර දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද (03) දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් ඔවුන් මෙම විරෝධතාවා ආරම්භ කර තිබෙනවා.