28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙපිරිසක් අතර ගැටුමකදී අයෙක් කපා කොටා ඝාතනය කරලා

දෙපිරිසක් අතර ගැටුමකදී අයෙක් කපා කොටා ඝාතනය කරලා

අනුරාධපුරයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනුරාධපුර – පරසන්ගස්වැව පොලිස් වසමේ මිහිඳු මාවත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර නිවසේ හිමිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සාලියපුර මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 35 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එම ඝාතනය සිදුවූ නිවසේ පුද්ගලයා සහ මරණකරු මිතුරන් වන අතර මරණකරු එම මිතුරාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී එම නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු කර පලා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීස් පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.