― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentධාවනය වෙමින් තිබූ ලොරියක් ඇළකට පෙරළෙයි

ධාවනය වෙමින් තිබූ ලොරියක් ඇළකට පෙරළෙයි

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයට පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 7 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ධාවනය කරමින් තිබූ ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ඇළ මාර්ගයට පෙරළී ගොස් ඇති බවයි පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ලොරි රථය ඇළ මාර්ගයට පෙරළීමත් සමඟ ලොරි රථයේ රියදුරා සිහිසුන් වී රියදුරු අසුනේම රැඳී සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා රියදුරා ඉන් ඉවතට ගෙන රෝහල්ගත කර තිබෙනවා.

ලොරි රථය අනතුරට පත් වන අවස්ඨාවේදී ලොරි රථයේ සිට ඇත්තේ රියදුරා පමණයි.

සිද්ඪිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.