26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ මුහුද මැද යාත්‍රාවක් පෙරළෙයි - තිදෙනෙක් අතුරුදන්

මහ මුහුද මැද යාත්‍රාවක් පෙරළෙයි – තිදෙනෙක් අතුරුදන්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අද (03) අලුයම ජාත්‍යන්තර මුහුදේ ගමන් ගත් නෞකාවක ගැටී පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බවයි වරාය පොලිසිය පැවසුවේ.

‘නිහතමානි 01’ නමැති මෙම බහුදින යාත්‍රාව ධීවරයින් 07 දෙනෙකු සමඟ ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ ඉකුත් 25 වැනිදා යි.

කෙසේනමුත් ගාල්ලට දකුණින් වූ ගැඹුරු ජාත්‍යන්තර මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරින් ගමන් ගත් නෞකාවක ගැටීමෙන් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබෙනවා.

යාත්‍රාව පෙරළී ධීවරයින් සියලුදෙනා මුහුදට වැටී ඇති අතර ඉන් ධීවරයින් සිවුදෙනෙක් බේරාගෙන තිබෙනවා. අනෙක් තිදෙනා අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පවසුවේ.

අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.